ඔන්න අද ඉතින් නිවාඩූ දවසනේ, මහින්ද මාමාටයි හමුදාවේ ලමයින්ගේ ජයග්‍රහණයටයි පින්සිද්ද වෙන්න... :) එවාගේම මේ දවස් ටිකේ හරි සතුටින් හිටියේ අපේ යුද්දෙත් දින්න නිසා... අපිත් ඉතින් අහින්සක විදිහට සැමරුවා ඒ සතුට... :)
අද ඉතින් නිවාඩූ දවස උනාට කරන්න නම් වැඩ ගොඩාක් තිබුනා, ඔන්න මමත් ඉතින් උදේට කාලා බීලා එහෙම හරි බරි ගැහිලා ඉදගත්තා වැඩ ටික ඉවර කරන්න කියලා හැකි ඉක්මනින්... හපෝ මදැයි කොලා මේ වැස්සයි සුලගයි නිසාද මන්දා කරන්ට් යනවා දවස තිස්සේම හිටු කියලා... කරන්ට් එක ගිය ගමන් අපරාදේ කියන්න බෑ 'ටික් ටික් ටික්' ගාලා UPS එකත් යනවා... මගේ UPS එකත් දැන් තත්පරේට වැඩ වගේ... :P උදේ ඉදන් කිසි වැඩක් හරියට කරගන්න බැරි උනා මේ කර්න්ට් යෑම නිසා... අන්තිමේදී තරහා ගිහින් UPS එකටයි කරන්ට් එකටයි ඕනී එකක් කරගන්න කියලා මම ගිහින් ටිකක් නිදාත්තා... නැගිටිනකොට නම් කරන්ට් එක ඇවිත් තිබුනා, ආයෙත් කරන්ට් එක යන එකක් නැහැ කියලා හිතනවා... ඒක නිසා ඉක්මනට ඉදගත්තා ආයෙත් වැඩ ටික කරන්න කියලා... දැන්නම් හැබැයි කම්මැලිත් එක්ක වැඩ කරන්න ඒවුනාට බැහැනේ මේක ඉක්මනට ඉවර කරලා upload කරන්න ඕනී... ඊට පස්සේ බලන්න ඕනී UPS එක මොකෝ මේ තත්පරේට වැඩ කරන්න ගත්තේ කියලා... :) හැමදේම දැන් තත්පරේට වෙන රටේ UPS එක හිතුවද දන්නේ නැහැ මම විතරක් මොකෝ විනාඩි ගානට වැඩ කරන්නේ කියලා... හික්ස්... :D හැබැයි කොයි එකටත් කියලා මල්ලිට කිව්වා අනිත් PC එකේ UPS එක අරගෙන මගේ PC එකට දාලා දෙන්න කීයලා... :)
බ්ලොග් එක ලියන්න ගත්තා වගේ නෙමෙයි ආයෙත් කරන්ට් ගියා නම් එහෙම ලියපු ටිකට සොරි.කොම් තමයි, ඒක මතක් වෙලා මමත් ටක් ටක් ගාලා ලියපූ ටික සේව් කරගත්තා... ඔන්න එහෙනම් දැනට මේ ඇති, වැඩ ටික ඉවර කරන්න ඕනී ඉක්මනට... මගේ 'ටික් ටික් ටික් UPS' එක ආයේත් යන එකක් නැහැයි කියලා හිතාගෙන වැඩ ටික පටන් ගන්න ඕනී... :)
Let’s Meditate ( part -09)
1 hour ago
